Friday, March 3, 2017

බයිනරි ඔප්ශන් කියන්නේ මොකක්ද?

සරලවම කියන්නම්.  උදාහරනයකින්.
ඔයා හිතන්න මන් ලග රුපියල් 10ක් තියෙනවා.
ඔයා ලගත් රුපියල් 10ක් තියෙනවා.
අපි දෙන්නටම ඕනෙ මේ තම තමන් ලග තියෙන රුපියල් 10 ට තව කීයක් හරි වැඩිපුර හොයාගන්න.
එක්කො ඔයාගෙ 10න් කීයක් හරි මට එන්න ඕන.  එහෙම ආවොත් මගෙ සල්ලි වැඩිවෙනවා.  එක්කො මගෙ 10න් කීයක් හරි ඔයාට යනවා.  එතකොට ඔයාට ලාබයි.
එතකොට ගමේ ඉන්න මුදලාලි ඇවිත් කියනවා
"හරි ඔයාල දෙන්නා මොකක් හරි තරගයක් තියන්න. මං සාක්ශියට ඉන්නම්.  හබැයි දෙන්නගෙන්ම රුපියල ගානේ මට ඕන. "  කියලා.
හරි.  දැන් ප්‍රස්නෙ ඉවරයි.  දැන් තරගේ තියන්නේ මොකක් ගැන කියලද?
අපි හිතමු අද මැච් එක ගැන?  මන් කියනවා අද කප් එක අපි ගන්නවා කියලා.  ඔයා කියනවා එහෙම වෙන් නෑ කියලා.
දෙන්නම දානවා රුපියල් 10ක්.  ඔයාගෙන් 5යි.  මගෙන් 5යි.


ඔන්න ඉතින් මැච් එක දිනනවාලු.
මං කියපු දේ තමයි හරි ගියේ.
මට හම්බෙනවා මන් දාපු රුපියල් 5 න් රුපියල් 4කුයි+ ඔයා දාපු 5න් රුපියල් 4 කුයි. = රුපියල් 8


ඇයි දන්නවද?  හරිනම් මට එන්න ඕන රුපියල් 10ක් නේද?.  ඒත් මුදලාලිට දෙන්නගෙන්ම රුපියල ගානේ දෙන්න පොරොන්ඩු උන නිසා 10 න් 2ක් අඩු වෙනවා. 


මගෙ ආදායම රුපියල් 8යි.  මගෙ ලාබේ රුපියල් 3යි.


මන් රුපියල් 5ක් දාල අමතර රුපියල් 3කුත් හොයාගත්තා.

තේරුනාද වැඩේ?
ඒත් මේක තරගයක් නෙවෙයි යාලු.  මේක තමයි මූල්ය වෙලදපල.  මේකෙදි සමාගම් වල,  මුදල් ඒකක වල මිල ඉහල පහල යන විදිහට තමයි අපි 
සල්ලි හොයන්නේ/සල්ලි අඩු වෙන්නේ

 ඊ ලග පෝස්ට් හොදට කියවන්න






No comments:

Post a Comment